පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ අයෙකුට වසර 6ක සිරදඬුවමක්


මෙම චෝදනාවට ලක්වූයේ 26 හැවිරිදි පුද්ගලයෙකි.

.

2021 අගෝස්තු මාසයේදී තෝකියෝ හි ශිරෝකානේ-තකනාවා උමං දුම්රිය ස්ථානයේ දී 22 හැවිරිදි පුද්ගලයෙකුට සල්ෆියුරික් අම්ලය විසි කිරීමේ චෝදනාවට ලක්වූ 26 හැවිරිදි පුද්ගලයෙකුගේ නඩු විභාගය අවසන් වී ඇති අතර අධිකරණය විසින් ඔහුට වසර හයක සිර දඬුවමක් නියම කළේය.

Shizuoka හි ජීවත් වූ Hanamori නම් අදාල සැකකරු වින්දිතයා වෙත ඇසිඩ් විසි කළේ ඔහු දුම්රිය ස්ථානයේ එස්කැලේටරය මතින් ඔහු පසුකර යද්දීය.  

එමගින් වින්දිතයාගේ ඇස් දෙකට සහ උරහිසට තුවාල සිදුවී ඇත.  උමං දුම්රිය ස්ථානයේ සිටි කාන්තාවක් ද ප්‍රහාරයට යොදාගත්  අම්ලය මත ලිස්සා යාමෙන් පිළිස්සුම් තුවාල ලබා ඇත.

75 Views

Comments