ව්‍යාජ ඖෂධ අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට


ඇය 60 හැවිරිදි අවන්හල් හිමිකාරිණියකි.

.

ව්‍යාජ ඖෂධ අලෙවි කළ බවට සැකපිට ඕසකා නගරයේ මිනාටෝ වෝඩ් හි අවන්හල් ව්‍යාපාරයක 60 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අයිචි ප්‍රාන්ත පොලිසිය නිවේදනය කළේය.  

නිවේදනයට අනුව මෙම කාන්තාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී 48 හැවිරිදි තෝකියෝවේ පුරුෂයෙකුට යෙන් 191,000 කට ව්‍යාජ ඖෂධ පෙති 100 ක් අලෙවි කළ බවට සැක කෙරේ.  

ජීවන වියදම් සහ මෝටර් රථ ණය ගෙවීම සඳහා ඇය එසේ කල බව කාන්තාව පාපොච්චාරණය කර ඇත.

මෙම කාන්තාව සහ ඇගේ සැමියා වසර 10ක පමණ කාලයක සිට ව්‍යාජ භාණ්ඩ අලෙවි කිරීම හරහා යෙන් මිලියන 200ක පමණ ආදායමක් උපයා ඇතැයි විශ්වාස කෙරේ.

68 Views

Comments