සොරකමකට අනුබල දුන් කතක් අත්අඩංගුවට


ඇය 31 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකි.

.

තෝකියෝ හි 31 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අයුමි ටොරියාමා නම් අදාල සැකකාරිය සිය මිතුරිය සමඟ රාත්‍රී ආහාරය ගනිමින් සිටයදී මිතුරිය වැසිකිළියට ගිය විට ඇගේ අත්බෑගයේ තිබූ මහල් නිවාස යතුර සහයකයෙකුට දී ඇත.

ඔවුන් දෙදෙනා ආහාර ගැනීම දිගටම කරගෙන යද්දී සහකරුවා විසින් අදාල මහල් නිවාසයට ඇතුළු වී හැරී වින්ස්ටන් ඔරලෝසුවක් සහ යෙන් මිලියනයක මුදල් ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ 26 ක් සොරකම් කර ඇති අතර එහි මුළු වටිනාකම යෙන් මිලියන 45 කි.

කෙසේවෙතත් ටොරියාමා අදාල චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය කිසිවක් සොරකම් නොකළ බව පවසා ඇත.

කෙසේවෙතත් පොලීසිය පැවසුවේ සොරකම් කරන ලද භාණ්ඩ උකස් වෙළඳසැලක විකිණීමට උත්සාහ කළ 22 හැවිරිදි කාන්තාවක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

123 Views

Comments