හිටපු ෂෝගි ක්‍රීඩකයෙකු අත්අඩංගුවට


බිරිඳට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

.

ෂිගා ප්‍රාන්ත පොලිසියේ ඔට්සු පොලිස් ස්ථානය පසුගිය 17 වනදා නිවේදනය කළේ හිටපු ෂෝගි ක්‍රීඩකයෙකු වන හෂිමොටෝට ඔහුගේ හිටපු බිරිඳට අපහාස වන අන්තර්ගතයක් ට්විටර් හි පළ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බවයි.  

මේ සම්බන්ධයෙන් ඔහුව සැකපිට අත්අඩංගුවටද ගෙන ඇත.

නිවේදනයට අනුව පසුගිය වසරේ නොවැම්බර් 29 වන දින, හෂිමොටෝ ඔහුගේ හිටපු බිරිඳගේ සැබෑ නම ලියා "මා තලා දැමූ මිනීමරුවා" සහ "මාව නිරයේ පතුලට ඇද දැමීය" යනුවෙන් ට්වීට් කළේය. 

එවැනි පෝස්ට් දැමීමෙන් අදාල කාන්තාවගේ කීර්ති නාමයට හානි කළ බවට සැක කෙරේ.

113 Views

Comments