ජපාන සතිපතා ප්‍රවෘත්ති සඟරාවක් වන Shukan Asahi එහි අවසාන සංස්කරණය මැයි මාසයේදී මුද්‍රණය කරන බව එහි ප්‍රකාශකයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
වසර 100 ක් පමණ පැරණි මෙම සඟරාව අවසන් වන්නේ පාඨකයන් ඩිජිටල් මාධ්‍ය වෙත මාරුවීම හේතුවෙනි.
දෙසැම්බර් මාසයේදී සඟරාවේ පිටපත් 74,125ක් අලෙවි වූ බවද ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
1922 දී දියත් කරන ලද Shukan Asahi දේශපාලනය, ආර්ථිකය විද්‍යාව සහ අධ්‍යාපනය ඇතුළු සමාජ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.