නිවසක් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට


අදාල සැකකරු ඇතුලු පිරිස යෙන් මිලියන 5ක පමණ මුදල් සහ බෑගයක් රැගෙන පලාගොස් ඇත.

.

අද(20) අලුයම 2.10 ට පමණ ඕසකා නගරයේ ටෙනෝජි වෝඩ් හි  මහල් නිවාසයක කාන්තාවකගේ නිවසට කඩා වැදුණු පුද්ගලයන් කිහිපදෙනකු යෙන් මිලියන 5ක පමණ මුදල් සහ බෑගයක් රැගෙන පලාගොස් ඇත.

ඉන් පසු වහාම ටෙන්නෝජි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකු මෙම නිවසට කඩා වැදුණු බවට සැකපිට මහල් නිවාසයෙන් පිටතට පැමිණි සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

අදාල කාන්තාව ඇය ඇණවුම් කළ ආහාර වේලක් ලබාගැනීමට නිවසේ දොර විවෘත කළ විට පිරිසක් කඩා වැදී ඇයට තර්ජනය කර මුදල් සොරකම් කර ඇත.

කාන්තාවට තුවාල සිදුවී නැත.

 

114 Views

Comments