2019 වර්ෂයේ Miyagi ප්රාන්තයේ කඳු ප්රදේශයක කාන්තා මළ සිරුරක් වල දමමින් ඇගේ මරණය සැඟවීමට කුමන්ත්රණය කළ කාන්තාවක් හා ඇයගේ සැමියා Shiroishi පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
වයස විසි හතරක් වන Sanae Tanaka නම් තරුණියගේ එම දේහය ජනවාරි 18 වන දින නැවත ගොඩ ගෙන තිබූ අතර ඇයගේ මරණයට සැකපිට අදාළ කාන්තාව, ඇයගේ සැමියා හා ඇයගේ නෑනා ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආරංචිමාර්ග වලට අනුව මේ තරුණිය මරණයට ලක් කිරීමට ප්රථම මාසයක පමණ කාලයක් ඔවුන් තිදෙනා ඔවුන්ට අයත් නිවසක ඇයව සිරකරගෙන තිබී ඇති අතර මරණයට පත්වීමට ප්රථම ඈට දරුණු ලෙස පහර දී තිබේ.
මරණයට පත් කිරීමෙන් පසුව එම තිදෙනා අදාල මෘත දේහය Shiroishi නගරයේ කඳු පෙදෙසකට රැගෙන ගොස් අත්හැර දමා පැමිණ ඇත.