තෝකියෝවෙන් මන්කි පොක්ස් ආසාධිතයෙක් හමුවේ


එය තෝකියෝවෙන් ආසාධිතයෙකු හමුවූ 7 වන අවස්ථාවයි.

.

තෝකියෝ අගනගර රජය පෙරේදා(19) නිවේදනය කළේ මන්කි පොක්ස් ආසාදනය වූ එක් පුද්ගලයෙකු තෝකියෝවෙන් තහවුරු වූ බවයි.  

එය ජපානයෙන් ආසාධිතයෙකු හමුවූ 9 වන අවස්ථාව වන අතර තෝකියෝවේ 7 වන අවස්ථාවයි.

ආසාදිත පුද්ගලයා තෝකියෝ හි ජීවත් වන වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.  

ඔහුට මෙම මස 5 වන දින කුෂ්ඨ රෝග ලක්ෂණ මතු වූ අතර 16 වන දින වෛද්‍ය ආයතනයකට ගිය අවස්ථාවේදී ඔහුට ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.  

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ තත්ත්වය යහපත් අතර හැරෙමින් පවතින බව පැවසේ.  

189 Views

Comments