ආහාර විෂ වීමකින් 142ක් රෝහලේ


ළදරු පාසල් ළමුන් පිරිසක් ද ඒ අතර වේ.

.

දිවා සුරැකුම් පහසුකම් භාවිතා කරන්නන් සහ ළදරු පාසල් ළමුන් ඇතුළු 142 ක් බෙන්ටෝ නිෂ්පාදන සමාගමක් වන Kameoka Lunch Center Kei Foods විසින් සකස් කරන ලද බෙන්ටෝ දිවා ආහාර විෂ වී රෝහල් ගතකර තිබේ.

පාචනය සහ වමනය වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් කිහිපදෙනෙකු තුළ Noro වයිරසය අනාවරණය වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් සියලු දෙනාම සුවය ලබමින් සිටින බවද පැවසේ.

මේ අනුව ආහාර සනීපාරක්ෂක නීතිය මත පදනම්ව ප්‍රාන්ත රජය විසින් Kameoka සමාගමේ මෙහෙයුම් දින හතරකට එනම් 24 වනදා දක්වා අත්හිටුවන ලදී.

73 Views

Comments