කිනෝ ගඟ අසලින් හමුවූ මළ සිරුරේ තවත් තොරතුරු රැසක් එළියට


අතහැර දමා ගිය මෝටර් රථයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

.

පසුගිය 18 වෙනිදා කිනෝ ගඟ අසල සූට්කේස් දෙකක තිබී මළ සිරුරක කොටස් හමුවී තිබුණි.

ඒ අසල අතහැර දමා ගිය මෝටර් රථයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම අදාල ස්ථානයේ සිට කිලෝමීටර් 2.5 ක් පමණ පහළින් ගඟේ පාවෙමින් තිබියදී පිරිමි මළ සිරුරක්ද සොයා ගන්නා ලදී.  

50 හැවිරිදි වියේ පසුවන මියගිය පුද්ගලයා මෝටර් රථයේ රියදුරු බවට පොලිසිය හඳුනාගෙන ඇත්තේ ඔහු වාහනයේ දමා ගිය ඔහුගේ රියදුරු බලපත්‍රයෙනි.

අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයකදී සූට්කේසයේ තිබූ සිරුරු කොටස් වයස අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවකගේ බවට හෙළි වූ බවත් ඇය ජනවාරි 17 වැනි දින මිය ගොස් ඇති බවද අනාවරණය විය.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

81 Views

Comments