Shingo Kunieda ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරයි


තෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ රෝද පුටු ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම්ලාභියෙකි.

.

තෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ රෝද පුටු ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම්ලාභී Shingo Kunieda විශ්‍රාම ගැනීමට තීරණය කල බව අද(22) සිය SNS හි නිවේදනය කළේය.

Kuniedaට වයස අවුරුදු 9 දී කොඳු ඇට පෙළේ ගෙඩියක් හේතුවෙන් රෝද පුටුව භාවිතයට සිදුවිය.

ඔහු 2004 ඇතැන්ස් ක්‍රීඩා උළෙලේ සිට 2021 තෝකියෝ ක්‍රීඩා උළෙල දක්වා අඛණ්ඩව පැරාලිම්පික් ක්‍රීඩා පහකට සහභාගී වී ඇත.

එමෙන්ම ඔහු පිරිමි කේවල ඉසව්වෙන් රන් පදක්කම් තුනක් සහ යුගල ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගෙන ඇති අතර තෝකියෝ ක්‍රීඩා උළෙලේ ජපන් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.

 

103 Views

Comments