රහසිගතව කාන්තාවක් වීඩියෝ ගත කිරීමට තැත් කල අයෙක් අත්අඩංගුවට


ඔහු 27 හැවිරිදි සමාගම් සේවකයෙකි.

.

කනගාවා ප්‍රාන්ත පොලිසියේ ෆුජිසාවා පොලිස් ස්ථානය විසින් ෆුජිසාවා නගරයේ දී 27 හැවිරිදි සමාගම් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු විසින් නවීකරණය කරන ලද කුඩයක් මගින් කාන්තා සායක් ඇතුළත ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සැකපිටයි. 

මොහු විසින් ෆුජිසාවා නගරයේ "ටෙරස් මෝල් ෂෝනාන්" යන වාණිජ මධ්‍යස්ථානයේ වෙළඳසැලක් තුළ 18 හැවිරිදි උසස් පාසල් දැරියකගේ සායට කුඩයක සවිකල කුඩා වීඩියෝ කැමරාවක් ඇතුළු කර ඇත.

සැකකරුගේ හැසිරීම දුටු ගබඩා නිලධාරියෙක් මේ බව පොලිසියට දන්වන ලදී.

 

125 Views

Comments