Toyota Prius රථය ජපානයේ සොරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙයි


ඒ මිල අධික දුර්ලභ ලෝහ එහි අඩංගු බැවිනුයි.

.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු අගය ඉහළ ගිය දුර්ලභ ලෝහ අඩංගු Toyota Prius රථය ජපානයේ සොරුන් විසින් ඉලක්ක කර ඇත.

පොලිසියට අනුව පසුගිය වසරේ චිබා ප්‍රාන්තයේ මෆ්ලර් හෝ උත්ප්‍රේරක පරිවර්තක සොරකම් 173 ක් සිදුවී ඇති අතර

ඉන් 90% ක් පමණ ප්‍රියස් මෝටර් රථවලින් සොරකම් කර තිබේ.

දූෂණය අවම කරන උත්ප්‍රේරක පරිවර්තක සහ පිටාර විමෝචන පාලන උපාංගවල මිල ඒවායේ අඩංගු ප්ලැටිනම් සහ පැලේඩියම්වල මිල ඉහළ යාමත් ඉහළ ගොස් ඇත.  

පැරණි Prius මාදිලිවල අනෙකුත් බොහෝ මෝටර් රථවලට වඩා එම ලෝහ අඩංගු වන අතර ඒවා මෙලෙස සොරුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වී ඇත.

 

130 Views

Comments