එලඹෙන සතියේ අධික හිම පතනයක්


ලබන 25 වනදා ශීත කාලගුණය උපරිම මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

.

මේ දිනවල පවතින සීතල රළ හේතුවෙන් ජපාන දූපත් සමූහයට ලබන 24 වනදා සිට 26 වනදා දක්වා දැඩි ශීතල සහ අධික හිම පතනයක් අපේක්ෂා කෙරේ. 

මේ හේතුවෙන් ගස් කඩා වැටීමෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් හා හානි වූ ජල නල නිසා සිදුවන ජලය ඇනහිටීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ලබන 25 වනදා ශීත කාලගුණය උපරිම මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

ඒ අනුව Kanto කලාපයේ, Maebashi, Utsunomiya සහ Mito හි අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -6 දක්වාත්, මධ්‍යම තෝකියෝවේ සෙල්සියස් අංශක -3 දක්වාත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

107 Views

Comments