Iyo Oshio ඝාතනයේ කරුණු රැසක් එළියට


තෝකියෝවේ Komae හි නිවසකදී ඔහු ඝාතනය කර තිබුණි.

.

පසුගිය දිනක Iyo Oshio නම් 90 හැවිරිදි පුද්ගලයෙකු තෝකියෝවේ Komae හි නිවසකදී ඝාතනය කර තිබුණි.

සිද්ධියෙන් පසුව නිවසේ සිට මීටර් සිය ගණනක් ඔබ්බෙන් ඝාතකයන් පැමිණි මෝටර් රථය හමුවී ඇත.

එහි තිබී Oshio මහතාට අයත් ස්විට්සර්ලන්ත සුඛෝපභෝගී සන්නාමය වන ෆ්‍රෑන්ක් මුලර් විසින් නිෂ්පාදනය කරන ලද ඔරලෝසුවක් සොයාගැනීමට පොලිසිය සමත් විය.

තවත් රියදුරු බලපත්‍ර කිහිපයක්, ඇඳුම් පැළඳුම් සහ හිස් කාඩ්බෝඩ් පෙට්ටි හතරක් ද වාහනය තුළ තිබී සොයා ගෙන ඇත.

මේ අනුව සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර ඇත.

 

104 Views

Comments