පසුගිය සමයේ samsung ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඇති ඉල්ලුම බොහෝ සෙයින් පහත වැටීමත් සමග එම වෙළඳපොල නැවත සකසා ගැනීමට Galaxy S ආකාරයේ මම දුරකථන ශ්‍රේණියක් වෙළඳ පළට හඳුන්වා දීමට එම සමාගම සූදානම් වේ.
මෙම නවතම දුරකථන ශ්‍රේණිය TikTok, Facebook , Youtube ඔස්සේ වීඩියෝ සමාජගත කරන පාරිභෝගිකයන්ට විශේෂ කොට සකසා ඇති බවත් එම දුරකතනය භාවිතයෙන් අනර්ඝ තත්ත්වයේ වීඩියෝ පට සකසා ගැනීමේ හැකියාව එහි අන්තර්ගත කර ඇති බවත් එම සමාගම පවසා ඇත.
මෙම නව දුරකථන වල ඇති තවත් සුවිශේෂී තාවයක් නම් ඩිජිටල් සටහන් ලබා ගැනීමට සහ තිරය මත ලිවීමට සුදුසු ආකාරයේ පෑනක් ඒ සමඟම පැමිණීමයි.