ටොන්ගාවෙත් කොරෝනා


ටොන්ගා රාජ්‍යය  තුළ වාර්තා වූ  කොරෝනා ආසාදිතයන් ගණන හැට හතරක් දක්වා වර්ධනය වීමත් සමග පසුගිය මාසයේ දී එහි ඇතිව?

.

ටොන්ගා රාජ්‍යය  තුළ වාර්තා වූ  කොරෝනා ආසාදිතයන් ගණන හැට හතරක් දක්වා වර්ධනය වීමත් සමග පසුගිය මාසයේ දී එහි ඇතිවූ ගිනි කඳු  පුපුරා යාම සහ සුනාමි තත්ත්ව  හමුවේ omicron ප්‍රභේදය එම දූපත්වලට ඇතුළු වූ බව එහි සෞඛ්‍ය අංශ නිවේදනය කර ඇත.

 

එහි සෞඛ්‍ය ඇමැතිවරයා නිවේදනය කර ඇති පරිදි  ගෙවුනු පැය 24 ඇතුලත  ආසාදිතයන් තිස් එකක් සොයාගෙන ඇති අතර  කණගාටුවට කරුණ වන්නේ ගිනි කන්ද පුපුරා  යාමේ සිදුවීමට පෙර  එම රාජ්‍යයෙන් එකදු  ආසාදිතයකුවත් වාර්තා නොවී තිබීමයි.

 

ඔහු තවදුරටත් පවසා ඇති පරිදි එම රාජ්‍යයේ පැතිර යන virus සාම්පල පිළිබඳව  ඕස්ට්‍රේලියාවෙන් ලබාගත්  නිර්දේශ අනුව එය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන්  ප්‍රභේදය බව තහවුරු වී තිබේ.

353 Views

Comments