ශිෂ්‍යාවකට නුසුදුසු පණිවිඩ යැවූ ගුරුවරයෙකුට වැඩ වරදී


ඔහු 30 හැවිරිදි උසස් පාසල් ගුරුවරයෙකි.

.

26 වැනි දින Shizuoka ප්‍රාන්ත උසස් පාසලක ශිෂ්‍යාවකට ලිංගික අන්තර්ගතයන් සහිත පණිවිඩයක් යැවීම හේතුවෙන් 30 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ අගෝස්තු මස මුල සිට මැද භාගය දක්වා අදාල ගුරුවරයා LINE සමාජ මාධ්‍ය හරහා ශිෂ්‍යාවකට නුසුදුසු පණිවිඩ කිහිප වතාවක් යවා ඇති අතර ඒ හේතුවෙන් ශිෂ්‍යයාව මානසිකව අස්ථාවර වී පාසල් යාමටද නොහැකි වී ඇත.පසුව ඇය මිතුරියක් මාර්ගයෙන් මේ බව පොලිසියට දන්වා ඇත.

මේ අතර මීට පෙර වෙනත් පාසලක ගුරුවරියකටද නොගැලපෙන ලෙස පණිවිඩ යැවීම සම්බන්ධයෙන් අදාල ගුරුවරයාට අධ්‍යාපන මණ්ඩලයෙන් උපදෙස් ලැබී තිබුණි.

 

101 Views

Comments