ජපානයේ බොහෝ වැසියන් තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ දුම්රියයි. එම බහුතර ජනතාවට පහසුවක් සලසමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිල්ලර බඩු අලෙවිකරණ Cookpad Mart සහ East Japan Railway Company සන්ධානයෙන් අදාළ දුම්රිය ස්ථානයේදී Cookpad Mart හරහා ඇණවුම් කළ භාණ්ඩ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇත . මෙහිදී Cookpad Mart පාරිභෝගිකයන්ට JR දුම්රියපල ගේට්ටුවෙන් ඔවුන් ඇලුම් කළ භාණ්ඩ ලබා ගත හැක.
යම් පාරිභෝගිකයෙක් Cookpad Mart හරහා තම භාණ්ඩ ඇණවුම් කර එය ලබාගන්නා ස්ථානය ලෙස යම් දුම්රියපලක නමක් ලබා දුනි නම් ඔහුට එම දුම්රිය පොළේ දී ඔබ ඇනවුම් කල භාණ්ඩ ලබා ගැනීමට හැකියාව මෙහිදී සලස්වයි. බොහෝ දෙනා පවසන පරිදි තම රාජකාරි කටයුතු වලින් පසුව බඩු භාණ්ඩ මිලදී ගැනීමට අපහසු පුද්ගලයන්ට මෙය ඉතා කදිම වැඩපිළිවෙළකි.