ජපානයේ නිරන්තරයෙන් හුරුබුහුටි සහ ප්‍රයෝජනවත් නවීන උපාංග හඳුන්වාදෙන සමාගමක් වන King Jim විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය හඳුන්වා දී ඇත.
ඒ නම් එදිනෙදා ගමන් බිමන් යාමේදී රැගෙන යා හැකි පරිදි සකස් කළ අපද්‍රව්‍ය බහාලිය හැකි කුඩා පසුම්බියකි. ජපානය වැනි සෑම තැනකම අපද්‍රව්‍ය බහලුම් නොමැති රාජ්‍යයක සහ අපසතු අපද්‍රව්‍ය නැවත නිවසටම රැගෙන යා යුතු යැයි නීති රෙගුලාසි සහිත පරිසරයක මෙම කුඩා හුරුබුහුටි පසුම්බිය එදිනෙදා ගමන් බිමන් වලදී ඉවත දැමීමට සිදුවන දේවල් අප රැගෙන යන බෑගය තුළම දමමින් ඒ අවුල් ජාලාවක් කරගන්නවාට වඩා මම කුඩා පසුම්බියේ ඒවා බහාලමින් පිළිවෙලකට ඒවා නැවත නිවසට රැගෙන යාම ඉතා පහසුවකි.