TV Asahi සභාපති ඉවත් කෙරේ...


සුප්‍රසිද්ධ ජපාන රූපවාහිනී විකාශන ආයතනක් වන TV Asahi හි සභාපති...

.

සුප්‍රසිද්ධ ජපාන රූපවාහිනී විකාශන ආයතනක් වන TV Asahi හි සභාපති Keiji Kameyama එම තනතුරෙන් ඉවත් කිරීමට ආයතනයේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙන බව සැලවේ.

ආයතනයේ මූල්‍ය අරමුදල අවභාවිතා කිරීම සහ ඒවා සිය පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ. පසුගියදා TV Asahi හි නිර්මාතෘ Hiroshi Hayakawa ප්‍රමුඛ එහි ප්‍රධාන විධායක නිලධාරි මණ්ඩලය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගන්නා ලද අතර ඔවුන්ට විරුද්ධ වෙන පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව ප්‍රකාශ කර සිටියේය. මේ වන විට එහි නිර්මාතෘ Hiroshi Hayakawa සභාපතිවරයාගේ භූමිකාවට ද පණ පොවමින් සිටී. TV Asahi හි ක්‍රීඩා හා අනෙකුත් ප්‍රචාරාත්මක වැඩසටහන් සඳහා ජපානය පුරා සංචාරය කිරීම් අතරතුර දී Keiji Kameyama විසින් මෙම මුදල් වංචා කරන ලද බව හෙළිදරව් වී තිබේ.

177 Views

Comments