කාන්තාවකගේ අත් බෑගයක් සොරකම් කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට


ඔහු 21 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකි.

.

Fukuoka නගරයේ Chuo Ward හි වීදියක කාන්තාවක්ගෙන් බෑගයක් සොරකම් කළ 21 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු Fukuoka ප්‍රාන්ත පොලිසියේ මධ්‍යම පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අනුව අදාල පුද්ගලයා 39 හැවිරිදි අවන්හල් සේවිකාවකට පිහියෙන් අනින බවට තර්ජනය කර යෙන් 1600 ක මුදල් සහිත බෑගයක් කොල්ලකා පලාගොස් ඇත.

මුදල් අවශ්‍ය නිසා එසේ කළ බව පවසමින් ඔහු චෝදනා පිළිගෙන ඇති අතර අසල තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවලින් පොලිසිය මොහු හඳුනාගන්නා ලදී.

 

129 Views

Comments