අත්වැරදීමකින් අත්අඩංගුවට ගත් තරුණයෙකු නිදහස් කෙරේ


ඔහු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

.

මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට අසහිකාවා ප්‍රදේශයේ 24 හැවිරිදි කාර්යාල සේවකයකු අත් අඩංගුවට ගන්නා ලදී.

කෙසේනමුත් අත්අඩංගුවට ගෙන පැය 13 කට පමණ පසු ඔහුව අත්වැරදීමකින් අත්අඩංගුවට ගත් බව හොක්කයිඩෝ පොලිසිය පසුගිය 28 වැනිදා නිවේදනය කළේය.  

මෙම පුද්ගලයා මගියෙකු වූ අතර රිය පදවා නැත.  

මුර සංචාරයේ යෙදී සිටි අසහිකාවා හිගාෂි පොලිස් නිලධාරියෙකු අසහිකාවා නගරයේ මගී මෝටර් රථයක් නවත්වන ලෙස ඉල්ලා සිටි අතර රියදුරු අසුනේ වාඩි වී සිටි පුද්ගලයා මත්පැන් පානය කර සිටින බව එහිදී අනාවරණය විය.

කෙසේනමුත් පසුව අනාවරණය වී ඇත්තේ රියදුරු විසින් මෝටර් රථය නවත්වා රියදුරු අසුනට එම පුද්ගලයා මාරු කර ඇති බවයි.

124 Views

Comments