මෝටර් රථයක් දුම්රියේ ගැටේ


හිම නිසා මෝටර් රථය දුම්රිය මාර්ගයේ සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

.

මෙම ශීත ඍතුවේ හිම කුණාටු සමඟ ෆුකුයි ප්‍රාන්තයේ දින 30ක් පුරා හිම පතනය වූ අතර දුම්රිය හරස් මාර්ගවල සිරවී ඇති මෝටර් රථවල දුම්රිය ගැටීම වැනි අනතුරු මාලාවක් සිදුවිය.

ඒ අනුව ඊයේ(30) පෙ.ව. 7:40 ට පමණ Shihi-Sakai දුම්රිය ස්ථානය සහ Eiheiji-guchi දුම්රිය ස්ථානය අතර දුම්රිය හරස් මාර්ගයේ Katsuyama දුම්රිය ස්ථානයේ සිට Fukui ස්ථානය දක්වා ගමන් කල දුම්රියක් මෝටර් රථයක ගැටී ඇත.  

ඒ හේතුවෙන් පැය හතරක පමණ කාලයක් මුළු දුම්රිය මාර්ගයේම ගමනාගමනය අත්හිටුවන ලදී.

මගී මෝටර් රථය පැදවූ පුද්ගලයාට සහ දුම්රියේ සිටි මගීන්ට තුවාල සිදුවී නොමැත.  

මගී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා යාමට උත්සාහ කළ විට හිම නිසා එය දුම්රිය මාර්ගයේ සිරවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

112 Views

Comments