ජපානයේ ප්රමුඛ පෙළේ ගුවන් සේවා සමාගමක් වන All Nippon Airways හෙවත් ANA, සිය නව උප සභාපතිවරයා ලෙස 66 හැවිරිදි Koji Shibata පත්කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ ජපාන ජාතික ගුවන් සේවය ඒ ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යෑමට අපොහොසත් වූ පසුබිමක, ANA සමාගම වඩාත් සාර්ථකව එම අභියෝගයට මුහුණ දුන් බව පෙනෙන්නට තිබුණි. පෙර ANA හි හිටපු සභාපති Shinya Katanozaka සඳහන් කර සිටියේ තමන් විසින් සමාගම නිවැරදි මාර්ගයට රැගෙන ආ බවත්, මෙතැන් පටන් ඒ වගකීම නව උප සභාපතිවරයා විසින් ඉටු කරනු ඇති බවට තමන්ට විශ්වාස බවත්ය. ANA සමානම ගුවන් සේවාවන්ට අමතරව ජංගම දුරකථන යෙදවුම් නිපදවීම මගින් ද වෙළඳපොළ ආක්‍රමණය කරමින් තිබීම විශේෂත්වයකි.