2011 වර්ෂයේ සිදුවු සුනාමි සහ භුමි කම්පා ව්‍යසනයෙන් තවත් හානියට පත්වූ විනාශ වුණු Fukushima න්‍යෂ්ටික බලාගාරය තුළ පිහිටි ප්‍රතික්‍රියාකාරක ටැංකි වල නවතම ඡායාරූප කිහිපයක් පසුගියදා එළි දැක්විණි.
කුඩා රොබෝ යානයක් මගින් ලබාගත් මෙකී දර්ශන වලින් පැහැදිළි වූයේ විකිරණශීලි ප්‍රතික්‍රියාකාරක සුනාමිය සහ භූමිකම්පාවෙන් පසු එහි ටැංකිවල පතුලටම කිඳා බැස ඝනීභවනය වී ඇති බවයි. මෙම හේතුව නිසා මේවා ඉවත් කිරීම අතිශය අපහසු කාර්යයක් බවට පත් වී ඇති බව විශේෂඥයන්ගේ මතයයි. මීට පෙර කිහිප වතාවක් මේවා ඉවත් කිරීමට ගත් උත්සාහයන් ව්‍යාර්ථ වී ගියේ ද ඉතා ගැඹුරට ගිලාබැස ඝනීභවනය වී ඇති මෙම ප්‍රතික්‍රියාකාරක නිසා බව වාර්තා සඳහන් කරයි. බලාගාරයේ සිසිලන පද්ධතිය ද ඉතා විශාල වශයෙන් හානියට පත්වී ඇති බව වාර්තා වේ.
ඡායාරූපය :- mainichi