විධායක උප සභාපති සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි(CFO) Hiroki Totoki අප්‍රේල් 1 වන දින සිට සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (COO) ලෙස උසස් කරන බව Sony සමූහය අද(02) නිවේදනය කළේය.
ඒ අනුව 63 හැවිරිදි Kenichiro Yoshida ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනු ඇත.
Totoki 1987 දී Sony හා සම්බන්ධ වූ අතර දිගු කලක් මූල්‍ය දෙපාර්තමේන්තුවේ සිට ඇත.
2001 දී ඔහු Sony බැංකුව පිහිටුවීමට නායකත්වය දී ඇති අතර නියෝජිත අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කරයි.
විදුළි වාහන (EVs) සංවර්ධනය කිරීම සහ විකිණීම සඳහා Honda සමඟ හවුල් ව්‍යාපාරයක් වන Sony-Honda Mobility පිහිටුවීමේදී ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.