සයිටමා ප්රාන්තයේ හැනෝ හි නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී මළ සිරුරු තුනක් හමුවී තිබේ.
පොලිසිය විශ්වාස කරන පරිදි මෙය සමූහ සියදිවි නසාගැනීමක් වේ.
පෙරේදා(01) උදෑසන 10.30 ට පමණ ගොඩනැගිලි සමාගමක ගබඩා අංගනයේ තිබී කුලී මෝටර් රථය සොයාගත් අතර මියගිය පුද්ගලයින් තිදෙනා වයස අවුරුදු 40 ට ආසන්න හෝ 50 ගණන්වල මුල් භාගයේ සිටින පිරිමියෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වේ.
මෝටර් රථයේ වීදුරු වසා තබා ඇති අතර මෝටර් රථය තුළ තිබී අඟුරු කැබලිද සොයා ගන්නා ලදී.