දුම්රිය නැවතුම්පොළකදී කාන්තාවකට පහරදුන් අයෙක් පොලිස් දැලේ


ඔහු Naka නගරයේ පදිංචි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

ඊයේ(03) Ibaraki ප්‍රාන්ත පොලිසියේ Mito පොලිස් ස්ථානය විසින් පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට Naka නගරයේ රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු Mito නගරයේ JR Mito දුම්රිය නැවතුම්පළේදී කාන්තාවකගේ මුහුණට වැලමිටෙන් පහර දී ඇති අතර ඇය ඇද වැටුණු පසු කිහිප වතාවක් හිසටද පහර දුන් බවට සැක කෙරේ.

කෙසේනමුත් සැකකරු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ඔහුට එවැන්නක් මතක නොමැති බවයි.

ප්‍රහාරයට ලක්වූ කාන්තාව පවසා ඇත්තේ එම පුද්ගලයා කිසි දිනක හමු වී නොමැති බවයි.

73 Views

Comments