ජපානයෙන් යෙන් බිලියනයක ආරක්ෂක උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම පරිත්‍යාගය සිදු කර තිබුණි.

.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් එරටට නිරීක්ෂණ වාහන සහ ආරක්ෂක පරීක්ෂණ පද්ධතියක් ඇතුලත් ත්‍රස්තවාදයට එරෙහි උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ජපාන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම පරිත්‍යාගය සිදු කර තිබුණි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට හා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවාවලට සහාය වීම සඳහා ජපාන රජය විසින් ප්‍රදානය කළ මෙම ආධාර තොගයේ වටිනාකම ජපන් යෙන් බිලියන 1කි.

එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.8කි.

මෙලෙස ලැබුණු නිරීක්ෂණ වාහන පොලිස් මුර සංචාර, ත්‍රස්ත විරෝධී සහ අපරාධ වැළැක්වීම, රථවාහන පාලනය සහ ආරක්ෂක මෙහෙයුම් සඳහා යෙදවීමට නියමිතය.

තවද ලැබුණු උපකරණ විභව ආයුධ හඳුනා ගැනීම, ආරක්ෂිත පරීක්ෂණ දොරටුව හරහා ඇවිදීම සහ වාහන චැසි ආරක්ෂණ පරීක්ෂා කිරීම සඳහා භාවිතා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයෙකු ලෙස ජපන් රජය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ත්‍රස්තවාදී තර්ජනයෙන් තොර සාමකාමී සුන්දර දිවයිනක් ලෙස තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට සහාය වීමට කැපවී සිටින බව ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

 

108 Views

Comments