Kamon Iizumi 6 වන වරටත් මැතිවරණ තරඟ බිමට


ඔහු Tokushimaහි වත්මන් ආණ්ඩුකාරවරයායි.

.

Tokushima ආණ්ඩුකාර Kamon Iizumi ඊයේ(04) Tokushima නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වා අප්‍රේල් 9 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩුකාරවර මැතිවරණයේදී තමා හයවන වරටත් තරඟ කරන බව නිවේදනය කළේය.  

ප්‍රාන්ත සභාවේ විශාලතම කණ්ඩායම වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඔහුට සහාය දැක්වීමට සැලසුම් කරයි. 

හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ Iizumi ප්‍රථම වරට ආණ්ඩුකාර ධූරයට තේරී පත් වූයේ 2003 ආණ්ඩුකාර මැතිවරණයේදීය.  

මේ අතර මන්ත්‍රී මණ්ඩලයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ටෝරු මිකී, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන මසසුමි ගොටෝඩා.සහ හිටපු LDP ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයෙකු වන ටයිජි කිෂිමොටෝ ආණ්ඩුකාරවර මැතිවරණය සඳහා සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර ඇත.  

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාන්ත කමිටුව ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සලකා බලමින් සිටී.

 

92 Views

Comments