සිසුවියක් සිපගත් ගුරුවරයා සේවයෙන් පහ කෙරේ


ඔහු Sanyo Kita ප්‍රාථමික පාසලේ 29 හැවිරිදි ගුරුවරයෙකි.

.

Okayama ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය පසුගිය 3 වනදා නිවේදනය කළේ හෝටලයකදී උසස් පාසැල් සිසුවියක් සිපගත් බව කියන චෝදනාව මත Akaiwa නාගරික Sanyo Kita ප්‍රාථමික පාසලේ 29 හැවිරිදි ගුරුවරයෙක් සේවයෙන් පහ කළ බවයි.

ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලයට අනුව පසුගිය වසරේ ජුනි සහ ඔක්තෝබර් අතර මෙම පුද්ගලයා ප්‍රාන්තයේ උසස් පාසල් සිසුවියක් සමඟ හෝටලයකදී ලිංගික ක්‍රියාවල නිරත වී ඇති අතර ඇය සමග කිහිප වතාවක් Instagram හි පණිවිඩද හුවමාරු කර ගෙන ඇත.  

පසුව එම වසරේම දෙසැම්බර් මාසයේදී පාසලට පිටතින් කිසියම් පුද්ගලයෙකු මේ පිළිබඳ තොරතුරු පාසලට ලබා දී ඇති අතර එම පුද්ගලයා එම චෝදනාව පිළිගෙන ඇත.

 

98 Views

Comments