පසුගිය වසරේ මාර්තු මාසයේදී තෝකියෝ හි Taito වෝඩ් හි ඔරලෝසු වෙළඳසැලක සිදුවූ සොරකමකට සම්බන්ධ වූ බව කියන ෂිබුයා Wardහි පදිංචි 20 හැවිරිදි තරුණයෙකු මෙට්රොපොලිටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු අදාල ඔරලෝසු වෙළඳසැලෙන් යෙන් 6000ක් පමණ වටිනා සුඛෝපභෝගී ඔරලෝසු පෙට්ටියක් සොරකම් කර ඇත.
කෙසේවෙතත් ලුෆී නම් පුද්ගලයකුගෙන් තමාට උපදෙස් ලැබුණු බව ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා ඇති බව වාර්තා වේ.
පොලිසියේ විමර්ශන මූලාශ්රවලට අනුව මෙම පුද්ගලයා පසුගිය වසරේ මැයි 10 වැනි දින අලුයම එම ප්රදේශයේම ස්වර්ණාභරණ අලෙවිසැලක සිදුවූ සොරකම් කිරීමේ සිද්ධියකටද සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.