අගමැති ලේකම්වරයෙකු සේවයෙන් පහ කෙරේ


ඒ ලිංගික සුළුතරයන්ට (LGBT) අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම හේතුවෙනුයි.

.

නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම් සෙයිජි කිහාරා ඊයේ(05) NHK වැඩසටහනේදී පැවසුවේ ලිංගික සුළුතරයන්ට (LGBT) අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ අගමැති ලේකම්වරයෙකු සේවයෙන් පහ කළ බවයි. 

මේ අතර Komeito නායක Yamaguchi ද සංචාරයක් අතරතුර Yokohama හි වාර්තාකරුවන්ට පැවසුවේ ඔහුව සේවයෙන් පහ කිරීම නොවැළැක්විය හැකි බවයි.

LGBT ජනතාව පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ පනතට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

83 Views

Comments