විෂබීජ නාශක ඉසිනයකට ගින්දර දල්වා වැඩ දැමූ අයෙකුට වැඩ වරදී


මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ආපනශාලාවක කොරිඩෝවේයි.

.

"Manekineko Takasaki Station West Exit 2" කැරෝකි ආපනශාලාවේ  පාරිභෝගිකයෙකු විසින් විෂබීජ නාශක ඉසිනයකට ගින්දර දල්වා එහි සිටි අනෙක් පුද්ගලයන් වෙතට එල්ල කර තිබේ.

මීට අදාල වීඩියෝව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසු එම ආපනශාලාව පවත්වාගෙන යන Koshidaka Co., Ltd හි මව් සමාගම වන සීමාසහිත Koshidaka Holdings Co. පසුගිය 3 වැනිදා Takasaki ප්‍රාන්ත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලදී.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ආපනශාලාවේ කොරිඩෝවේ යැයි විශ්වාස කෙරෙන අතර සමාගම පවසන්නේ කිසිදු තුවාලයක් හෝ දේපළ හානියක් තහවුරු කර නොමැති බවයි.  

 

79 Views

Comments