PCR පරීක්ෂණයක් තරමටම නිරවද්‍යතාවයෙන් ඉහළ එහෙත් මිනිත්තු හතරක් වැනි ඉතා සුළු කාලයකදී ප්‍රතිඵල ලබා දිය හැකි නව තාක්ෂණික පරීක්ෂණ කට්ටලයක් නිපදවූ බව චීන විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කර තිබේ.
ලොව පුරා ඉතා සීග්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දිනෙන් දින වාර්තා වන ආසාදිතයන්ගේ pcr පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීමට කල් ගතවීම නිසා ඇතැම් රටවල් ආසාදිතයන් හඳුනාගැනීමේ අපහසුතාවයකට පත්ව තිබේ.එම ගැටළුවට විසඳුමක් වශයෙන් මෙම නව පරීක්ෂණ කට්ටලය ඵලදායි ලෙස භාවිතා කළ හැකි බව එම විද්‍යාඥයන් පිරිස තහවුරු කර ඇත.
Electromechanical biosensor යෙදවුමක් භාවිතයෙන් නිපදවා ඇති මෙය ආසාදිතයන්ගේ සාම්පල පරීක්ෂා කරමින් මේ වන විට pcr පරීක්ෂණ තරමටම නිවැරදි ප්‍රතිඵල ලබා දී ඇති අතර මේ එහා මෙහා රැගෙන යා හැකි පරීක්ෂණ කට්ටලයක් වීම තවත් සුවිශේෂී තාවයකි.