රුසියානු විදේශ ඇමැති Surgey Lavrov ඉදිරි මාස කිහිපය ඇතුළත ජපානයට පැමිණීමට නියමිත බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාල සංචරණ න්‍යාය පත්‍රය මේ වන විටත් සාකච්ඡා මට්ටමේ පවතින බව තව දුරටත් සඳහන් වේ.
පසුගිය සිකුරාදා දින රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වුණු ප්රවෘත්ති සාකච්ඡාවක දී එරට ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පවසා සිටියේ රුසියාව හා ජපානය අතර ඇති සම්බන්ධතා වඩාත් තීව්ර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වන බවයි.තවද මෙම සංචාරය පසුගිය වසරේ සිදුකිරීමට නියමිතව තිබුණ නමුත් ජපානයේ රාජ්‍ය බලය වෙනස් වීම හේතුවෙන් එය මෙලෙස කල් තැබීමට සිදු වී තිබේ .
විදේශ ඇමති තුමා පවසන පරිදි එම සංචාරය අනිවාර්යයෙන්ම සිදුවන අතර ඔහු තවදුරටත් ජපානය හා රුසියාව අතර ඇති සැඟවුණු ප්‍රාන්ත අතර අර්බුදය සම්බන්ධව තම මතයේම දැඩි ව පවතී. මෙම අර්බුදය හටගෙන ඇත්තේ ජපානයෙහි උතුරු ප්‍රදේශයට වන්නට හොකයිඩෝ ප්‍රධාන දූපත ආශ්‍රිතව ඇති දූපත් සමූහය සම්බන්ධවයි.මෙම අර්බුදය දෙවන ලෝක යුද්ධයෙන් පසුව වසර 70ක් පුරාවටම දෙරට අතර සාම ගිවිසුම් ඇතිකර ගැනීමට ප්‍රධාන බාධාවක් ලෙස පැවත ඇත.
Source: japantimes.co.jp