ජපානයේ සේවය කරන විදේශිකයන්ගේ තොරතුරු ඉල්ලයි..


ජපානයේ මේ වනවිට සේවයේ යෙදී සිටින සියලුම සේවකයින්ගේ තොරතුරු...

.

ජපානයේ මේ වනවිට සේවයේ යෙදී සිටින සියලුම සේවකයින්ගේ තොරතුරු එකතු කිරීමට ජපාන රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සැලවේ. 

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර එමගින් ජපානයේ සේවය කරන විදේශීය ජාතිකයින්ගෙන් ඔවුන්ගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය, සේවය කරන ස්ථානය, සේවා යෝජකයාගේ නම, වැටුප සහ වීසා තොරතුරු එක් රැස් කර ගැනීමට නියමිතයි. ජපන් රජය සඳහන් කර සිටියේ, විදේශීය  සේවකයන් වෙනුවෙන් නිසි ආකාර සුබසාධන වැඩපිළිවෙළ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට මෙම තොරතුරු එක්රැස් කරන බවයි.

 මේ වන විට ජපානය විදෙස් සේවකයින් මිලියන 1.73ක් සිටින බව වාර්තා වන අතර, කොවිඩ් වසංගත තත්වය මත පවතින සේවක හිඟය හමුවේ මෙම අයවළුන් නිසියාකාරව සේවයේ යෙදවීම පලදායී වනු ඇති බව ජපාන කම්කරු අමාත්‍යාංශය පවසයි.

Comments