කාන්තාවකට කෙටි පණිවිඩ යවා හිරිහැර කල අයෙක් අත්අඩංගුවට


ඔහු ඔනොජෝ නගරයේ පදිංචි 72 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

ඊයේ(08) Fukuoka ප්‍රාන්ත පොලිසියේ කසුගා පොලිස් ස්ථානය ඔනොජෝ නගරයේ පදිංචි 72 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු කාන්තාවකගේ ජංගම දුරකථනයට නැවත නැවතත් පණිවිඩ යැවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු පසුගිය වසරේ ජුනි මාසයේදී ප්‍රාන්තයේ ජීවත් වන 32 හැවිරිදි අර්ධකාලීන සේවිකාවක් පසුපස හඹාගොස් ඇත.

පසුව ඇයගේ ජංගම දුරකථන අංකය සොයාගෙන "ගුඩ් මෝර්නින්", "මොකද කරන්නේ" යනාදී මුලු පණිවිඩ 1,107ක් ඇයගේ ජංගම දුරකථනයට යවා ඇති බවට සැක කෙරේ. 

කෙසේවෙතත් ඔහු මෙම චෝදනා පිළිගෙන ඇති බව පැවසේ.

103 Views

Comments