ජපාන ශ්රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා පසුගියදා ජපාන Nippon පදනමේ සහ සසකාවා සාම සංසදයේ සභාපති සසකාවා මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ බව ජපාන ශ්රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කළේය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුභාසිංසන රැගෙන සසකාවා මහතා හමු වු තානාපති තුමා, එහිදී ජපානය සහ ශ්රී ලංකාව අතර සංවර්ධන කටයුතු සම්බන්ධව සහ යුද්ධයෙන් පසු ශ්රී ලංකාවේ ජනවාර්ගික වර්ධනය හා සහයෝගීතාවය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලද බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.