Kyoto නගරයේ බස් ටිකට්පත් අලෙවිය අවසන් කරයි


නගරයේ බස් රථවල තදබදය වැළැක්වීම සඳහායි.

.

නගරයේ බස් රථවල තදබදය වැළැක්වීම සඳහා එක්දින ටිකට්පත් අලෙවිය අවසන් කරන බව Kyoto නගරය ඊයේ(09) නිවේදනය කළේය.  

මෙම සරත් සෘතුවේ ගමනාගමනයට ඇති සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් තදබදය යළිත් කැපී පෙනෙන තත්ත්වයට පත් වූ අතර ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි දිගටම පැවතුණු බැවින් ටිකට්පත් විකිණීම අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

කෙසේවෙතත් නාගරික උමං මාර්ග භාවිතය සඳහා එක්දින ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරන අතර එමගින් අමතර ප්‍රවාහන ධාරිතාවක් ඇති උමං මාර්ග භාවිතය දිරිමත් වනු ඇත.  

ඒ අනුව උමං ධාවන දුම්රිය මගීන්ගේ වැඩිවීම නිසා නගරය යෙන් මිලියන 300 ක ආදායමේ වැඩිවීමක් අපේක්ෂා කරයි.

 

121 Views

Comments