ඉතා සීග්‍රයෙන් තවමත් පැතිර යන ඔමික්‍රොන් වෛරස තත්වය හමුවේ ඉතා අසීරු සහ කාර්යබහුල තත්ත්වයකට පත්වූ ජපාන සෞඛ්‍ය සේවය මේ වන විටත් ක්‍රියා කරමින් තිබෙන්නේ එහි ධාරිතාවයද ඉක්මවා බව නොරහසකි.
කෙසේ වෙතත් මේ වන විට ජන සමාජය තුලින් වාර්තා වන සිදුවීම් සලකා බැලීමේදී, ජපාන සෞඛ්‍ය සේවය කඩා වැටීමට ඉතා ආසන්න තත්ත්වයක පවතින බව අවධාරණය කිරීමට සිදුව තිබේ. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සහ ඔවුන් ප්‍රතිකාර වෙත යොමු කිරීමේ සමස්ත ක්‍රියාවලියම නිසියාකාරව සිදු නොවන බවට ජනතාවගෙන් චෝදනා එල්ලවෙමින් පවතී. පසුගියදා ඔසාකා හි පවුලක් චෝදනා කළේ, සතියක් පුරාවට ජපාන සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් පතා බලා සිටින නමුදු දුරකථන ඇමතුමක් හෝ තමන්ට නොලැබුණු බවයි. අවසානයේ සිය පවුලේ සියලු දෙනාම කොවිඩ් ආසාදිතයින් වූ බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. මේ වන විට ජපානය තුළ 430,000 කට අධික පිරිසක් නිවෙස් තුළ නිරෝධායන සහ ප්‍රතිකාර ලබමින් පවතින බව දත්ත වාර්තා කරයි.