කාන්තා නිලධාරිනියකට අතවර කළ ලුතිනන්වරයෙකුට වැඩ වරදී


ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

.

ඊයේ(10) දින ස්වයං-ආරක්ෂක බලකායේ සෙන්සෝ ගැරිසන්හි කාන්තා නිලධාරිනියකුට ලිංගික අතවර කළ බවට සැකපිට හිමේජි ගැරිසන් 3 වන විශේෂ බලකායේ පිරිමි දෙවන ලුතිනන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

එමෙන්ම මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඒකකයක් වන 3 වන සේනාංකයට වාර්තා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් 50 හැවිරිදි ජ්‍යෙෂ්ඨ SDF නිලධාරියෙකුට එරෙහිවව විනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2021 පෙබරවාරි සිට මාර්තු දක්වා සැකකාර ලුතිනන්වරයා අදාල නිලධාරිනියට දෙවරක් ලිංගික අතවර කර ඇති අතර එම වසරේම සැප්තැම්බර් මාසයේදී බාහිර මූලාශ්‍රයකින් මේ බව අනාවරණය විය.

77 Views

Comments