අගමැති කිෂිඩාගේ සැත්කම සාර්ථකයි!


ඔහු 13 වැනිදා සිට සාමාන්‍ය රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

.

ඊයේ(11) අගමැති කිෂිඩා තෝකියෝ හි ෂිනගාවා වෝඩ්හි  රෝහලකදී එන්ඩොස්කොපික් සැත්කමකට භාජනය විය.  

පැය තුනහමාරකින් පමණ සැත්කම අවසන් වූ අතර එදිනම සවස අගමැතිවරයා නැවත අගමැති නිල නිවසට පැමිණියේය.  

ශල්‍යකර්මය සාර්ථකව නිම කර ඇති බව පසුව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා පසුවිපරම් නිරීක්ෂණ සඳහා 12 වැනිදා රෝහලට ගොස් 13 වැනිදා සිට සාමාන්‍ය රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

 

127 Views

Comments