ජපානයේ ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයා වන Shionogi Co, Chiba විශ්ව විද්‍යාල රෝහල සමග එක්ව covid නයින්ටීන් ඇතුළු අනෙකුත් ශ්වසන රෝග සඳහා යෝග්‍ය වන නාසික එන්නතක් නිපදවීමට නව පර්යේෂණ මධ්‍යස්ථානයක් අප්‍රේල් මසදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මෙම එකඟතාවය යටතේ සායනික අත්හදා බැලීම සඳහා 2022 ෆිස්කල් වර්ෂය ඇතුළත දී මෙම එන්නත නිෂ්පාදනය කිරීමට දෙපාර්ශවයම යුහුසුළුව කටයුතු කරනු ඇත. මෙම නව එන්නතත් සමග අනාගත වසංගත සඳහා ද සූදානම් වීමට ඔවුන් බලාපොරොත්තු වන බව Shionogi Co හි සභාපති වරයා පුවත්පත් සාකච්ඡාවක දී පවසා තිබිණි .