චීනයේ බීජිං නුවර පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේ Speed Skating සමූහ තරග රටාවට සහභාගී වන ජපාන කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. එහිදී ඔවුන් වාර්තා කළ කාලය නව ඔලිම්පික් වාර්තාවක් බව ද සඳහන් වේ.
Ayano Sato සහ සහෝදරියන් වන Miho Takagi සහ Nana Takagi යන ක්ර්රීඩකාවන් තිදෙනා ජපානය වෙනුවෙන් මෙම දස්කම් දක්වා තිබේ. අවසාන මහා තරගයේදී ඔවුන් හා මුණගැසෙන කන්ඩායම තීරණය වන්නේ අද පැවැත්වෙන කැනඩාව සහ නෙදර්ලන්තය අතර දෙවන අවසන් පූර්ව තරගයෙන් පසුව බව වාර්තා සඳහන් කරයි.