2021 වර්ෂයේ දී පොලිස් නිලධාරීන් දෙසිය හතරකට විරුද්ධව විනය ක්රියාමාර්ග ගෙන ඇති බව ජාතික පොලිස් ඒජන්සිය (NPA) නිවේදනය කර තිබේ.
ඉන් 59 ක ට විනය ක්රියාමාර්ග ගෙන ඇත්තේ ලිංගික දුශ්චරිත හේතුවෙනි . පොලිස් දෙපාර්තමේන්තුවට අනුව ඉන් 49 දෙනෙකු වැඩ තහනමට ලක්වී ඇති අතර විසි තුන් දෙනෙකු පූර්ණ ලෙස පොලිසියෙන් ඉවත්කර ඇත.අසූ තුන් දෙනෙකුගේ වැටුප කපා හැර ඇති අතර නොයෙකුත් දුරාචාර හේතුවෙන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ විනය ක්රියාමාර්ග ගැනීමට සිදු වූ හේතු අතර ලිංගික විෂමාචාර , බලය අනිසි ලෙස භාවිතය, වංචාව, මාර්ග නීති කඩකිරීම සහ පොලිසිය සතු රහසිගත තොරතුරු පොලීසියේ නොවන බාහිර පුද්ගලයන්ට ලබාදීම ඇතුළු තවත් විනය විරෝධී ක්රියාකාරකම් රැසක් ඇතුළත් වේ