පිහි ඇනුමකට ලක්වූ බවට ව්‍යාජ ප්‍රකාශයක් කල තරුණයෙක් අත්අඩංගුවට


ඔහු සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබේ.

.

ඕසකා උමං දුම්රිය ස්ථානයකදී පිහි ඇනුමකට ලක් වූ බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කළ 25 හැවිරිදි තරුණයෙකු සම්බන්ධ නඩුවක් ඕසකා පොලිසිය විසින් මහජන අභිචෝදකයන් වෙත යවා ඇත.

පොලිසියට අනුව සමාගම් සේවකයෙකු වන අදාල පුද්ගලයාට සුළු අපරාධ පනත සහ කඩු සහ ගිනි අවි පාලන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ

තම රැකියාවට වෛර කිරීම නිසා සියදිවි නසාගැනීමේ උත්සාහයක යෙදී තමාට පිහියෙන් ඇනගත් බව එම පුද්ගලයා පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

ජනවාරි 18 වැනි දින පෙරවරු 10:30 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත්තේ නාගහෝරි ට්සුරුමි-රියෝකුචි උමං මාර්ගයේ නිෂියෝහාෂි දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුළය.  

මෙම පුද්ගලයා සිය උදරයට පිහියෙන් ඇන ගැනීම සඳහා සෙන්ටිමීටර 17 ක තලයක් සහිත පිහියක් භාවිතා කර ඇති අතර  තමාට පිහියෙන් ඇනගැනීමෙන් පසු වැසිකිළියේ සවි කර ඇති හදිසි බොත්තම එබූ විට දුම්රිය ස්ථානාධිපතිවරු පුද්ගලයාගේ සහායට දිව ගියහ.

වයස අවුරුදු 40 ත් 50 ත් අතර පුද්ගලයෙකු තමාට පිහියෙන් ඇන ඇති බවට ඔහු පසුව සාවද්‍ය පොලිස් වාර්තාවක් ගොනු කළේය.  පසුව රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසු තමාට පිහියෙන් ඇනගත් බව ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

70 Views

Comments