ව්‍යාජ වායු බෑග් අලෙවි කළ පාකිස්තානු ජාතිකයන් 4ක් කොටුවේ


ඔවුන් මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ව්‍යාජ ලාංඡන සහිත වායු බෑග් අපනයනය කිරීමට උත්සාහ කර ඇත.

.

ඊයේ(16) මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ නිෂ්පාදකයින්ගේ ව්‍යාජ ලාංඡන සහිත වායු බෑග් අපනයනය කිරීමට උත්සාහ කළ ගුන්මා ප්‍රාන්තයේ ඉසෙසාකි නගරයේ 36 හැවිරිදි මෝටර් රථ අලෙවිකරුවෙකු ඇතුළු පකිස්තාන ජාතික පිරිමි හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් 2020 ජූනි මාසයේ සිට මෙම ව්‍යාජ වායු බෑග් සහ අනෙකුත් නිෂ්පාදන අපනයනය කර ඇති අතර යෙන් මිලියන 280ක් පමණ  අලෙවියෙන් උපයා ඇතැයි ගණන් බලා ඇත.

ඔවුන් චීනයෙන් මිලදී ගත් කොටසවලින් එයාර් බෑග් නිෂ්පාදනය කර ව්‍යාජ ලාංඡන සවි කර.ඒවා අන්තර්ජාලය හරහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අලෙවි කර ඇත. 

 

114 Views

Comments