15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ අයෙක් පොලිස් දැලේ


ඔහු 36 හැවිරිදි ජපානයේ භූමි ස්වයං ආරක්ෂක බලකායේ (JGSDF) සාමාජිකයෙකි.

.

Hokkaido ප්‍රාන්ත පොලිසිය විසින් ළමා ගණිකා වෘත්තිය සහ අසභ්‍ය දර්ශන නීතිය උල්ලංඝණය කළ බවට සැකපිට 36 හැවිරිදි ජපානයේ භූමි ස්වයං ආරක්ෂක බලකායේ (JGSDF) සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් Shuya Sakamoto නම් අදාල සැකකරු එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

Chitose නගරයේ ජීවත් වන මොහු ලිංගිකත්වය සඳහා 15 හැවිරිදි දැරියකට මුදල් වශයෙන් යෙන් දස දහස් ගණනක් ගෙවීමට පොරොන්දු වූ බව කියනු ලැබේ.  

ඔහු සමාජ ජාල වෙබ් අඩවියකින් දැරිය දැන හඳුනාගත් බවත් ඔවුන් 2022 ඔක්තෝබර් 15 වන දින ඔටාරු හි හෝටලයකදී හමුවීමට කටයුතු කළ බවත් පොලිසිය පැවසීය.

දැරිය සන්තකයේ තිබී විශාල මුදලක් සොයා ගැනීමෙන් පසු දැරියගේ දෙමාපියන් මේ බව පොලිසියට දන්වා තිබේ.

පසුව සිදුකල විමර්ශන වලදී හෝටලයේ නිරීක්ෂණ දර්ශන මගින් සකාමොටෝ සහ දැරිය හෝටලයට ඇතුළු වූ ආකාරය පෙන්නුම් කළ අතර එමගින් ඔහුව අත්අඩංගුවට ගැනුණි.

 

76 Views

Comments